විටමින් B12 ඌන රක්තහීනතාවය

විටමින් B12 හෝ ෆෝලේට් (folate) ඌන රක්තහීනතාවය පුළුල් පරාසයක රෝග ලක්ෂණ සඳහා හේතු වේ. මේවා සාමාන්‍යයෙන් ක්‍රමයෙන් වර්ධනය වන නමුත්, රෝගී තත්ත්වයට ප්‍රතිකාර නොකර හැරියහොත් වඩාත් නරක අතට හැරිය හැක.

රක්තහීනතාවයේදී ඔබට සාමාන්‍යය ප්‍රමාණයට වඩා අඩු රතු රුධිර සෛල ප්‍රමාණයක් ඇති වීම හෝ සෑම රතු රුධිර සෛලයකම අසාමාන්‍ය ලෙස හිමොග්ලොබීන් (haemoglobin) නම් ද්‍රව්‍යය අඩු සංඛ්‍යාවකින් යුක්ත වීම වේ.

රක්තහීනතාවයේදී ඇති වන සාමාන්‍ය රෝග ලක්ෂණ වලට පහත ඒවා ඇතුළත් විය හැක:

  • අධික විඩාව (තෙහෙට්ටුව)
  • ශක්තිය හිඟකම (අලසකම)
  • හුස්ම ගැනීමේ අපහසුතාවය
  • ක්ලාන්ත ගතියක් දැනීම
  • හිසරදයන්
  • සුදුමැලි සම
  • හොඳින් හඳුනාගත හැකි හෘද ස්පන්දන (පැල්පිටේෂන්ස් -palpitation)
  • බාහිර ප්‍රභවයකින් පැමිනෙන ශබ්දයකට වඩා ශරීරය ඇතුලෙන් පැමිනෙන ශබ්ද ඇසීම (ටිනිටස්-tinnitus)
  • ආහාර අරුචිය හා බර අඩුවීම

විටමින් B12 ඌනතාවයේ රෝග ලක්ෂණ

ඔබට විටමින් B12 ඌනතාවයක් හේතුවෙන් සෑදුනු රක්තහීනතාවය තිබේ නම්, ඔබට ඇති විය හැකි අනෙක් රෝග ලක්ෂණ:

මෙම රෝග ලක්ෂණ වලින් සමහරක් විටමින් B12 ඌනතාවයක් තිබෙන මිනිසුන් අතර ඇති විය හැකි නමුත් ඔවුන්ට රක්තහීනතාවය ඇති නොවේ.

ෆෝලේට් (folate) ඌනතාවයේ රෝග ලක්ෂණ

ෆෝලේට් (folate)ඌනතාවයක් හේතුවෙන් රක්තහීනතාවය සෑදුණු මිනිසුන්ගේ ඇති විය හැකි අමතර රෝග ලක්ෂණ:

  • රක්තහීනතාවයට සම්බන්ධ රෝග ලක්ෂණ
  • රස හදුනා ගැනීමේ හැකියාව අඩුවීම
  • පාචනය
  • පාද සහ අත් හිරිවැටීම හා පුපුරු ගැසීම
  • මාංශ පේශි දුර්වල වීම
  • මානසික අවපීඩනය

ඔබ වෛද්‍යවරයා හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදී දැයි දැන ගැනීම

ඔබ විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්තහීනතාවයේ රෝග ලක්ෂණ අත්දකිමින් පවතී නම් වෛද්‍යවරයකු හමුවන්න. ඔබගේ රෝග ලක්ෂණ සහ රුධිර පරික්ෂාවක ප්‍රතිඵල අනුව බොහෝ විට මෙම තත්ත්වයන් පිළිබඳව රෝග විනිශ්චයට එළඹිය හැකිය.

විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්තහීනතාවය හඳුනාගෙන හැකි ඉක්මනින් ප්‍රතිකාර කිරීම වැදගත් වේ.

ප්‍රතිකාර කිරීමත් සමග බොහෝ රෝග ලක්ෂණ සුව වුවද, අදාළ තත්වය හේතූවෙන් ඇති වූ ඇතැම් ගැටලු ප්‍රතිකාර වලින් තොරව පැවතියහොත් ආපසු යථා තත්ත්වයට පත් කළ නොහැක.

අදාළ තත්වයට ප්‍රතිකාර නොකර පවතින කාලය දිගු වන තරමට, ස්ථිර හානියක් සිදුවීමේ සම්භාවිතාවය වැඩි වේ.